මාලදිවයින් හිටපු ජනාධිපතිට මූල්‍ය චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට මූල්‍ය චෝදනාවක් එල්ලවී තිබේ.

ඒ අමෙරිකා ඩොලර් මිලියන 6 යි දශම 5 ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් දෙකක් පිළිබද තොරතුරු අනාවරණයවීමත් සමඟ ය.

ඔහුට අයත් පෞද්ගලික බැංකු ගිණුම් දෙකක සිදුවූ සැක සහිත ගණුදෙණු සම්බන්ධයෙන් මාලදිවයින මහ බැංකුව තොරතුරු වාර්තා කර තිබුණි. ඒ සමඟම එම ගිණුම් අත්හිටුවීමට එරට අධිකරණය පසුගියදා තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =