මැතිසබය අද පස්වරුවේ රැස් වෙයි – ගැලරියත් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව අද (18) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත ය.

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

පසුගිය 12 වැනිදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අතර අද කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

එසේම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පක්ෂ නායක හමුවක් කැඳවිමට නියමිතයි.

මේ අතර දින 07 කට පසු පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළි විවෘත කෙරෙනු ඇත. සැසිවාරය අතරතුරදී මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය සීමාවන්ට යටත්ව විවෘත තබන බව කථානායක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 4 =