වංචාසහගත පුද්ගලයන් පිළිබද පාරිභෝගික අධිකාරියෙන් පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) – පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් බව පවසමින් වෙළඳසැල් පරීක්ෂා කොට ව්‍යාපාරිකයින් බිය ගන්වා මුදල් ඉල්ලා සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් එම අධිකාරිය මේ වන විට පරීක්ෂනයක් ද ආරම්භ කර ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙලෙස වංචාසහගත ලෙස මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම හේතුවෙන් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

වෙළදසැලට පැමිණෙන නිලධාරීන් ගැන තහවුරු කර ගැනීම සඳහා 0771 088 922 දුරකථන අංකය ඇමතිය හැකි බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *