ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සුදානම්

(කොළඹ, ලංකාපුවත්) – සාමය, සංහිඳියාව හා සෞභාග්‍යය ගොඩනැංවීමේ කැපවීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බව, ඕස්ට්‍රේලියාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව සමඟ වඩාත් ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනැංවීමට අපේක්‍ෂා කරන බවයි.

ඉන්දියානු සාගරයේ දිගුකාලීන මිත්‍රයෙකු ලෙස, ශ්‍රී ලංකාව දේශපාලන අස්ථාවරත්වය, ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට පියවර ගැනීම තමන් පිළිගන්නා බව, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 − 6 =