සන්ධාන මන්ත්‍රිවරුන් තිදෙනෙක් ආණ්ඩුවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන අය අද(18) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබීය.

මෙහිදී විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙම රජයට සහය දක්වන්න තමන් ඇතුළු මන්ත්‍රිවරුන් දෙදෙනා තීරණය කල බවයි.

මේ රට දේශපාලන ඉතිහාසයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇතිවූ සිද්ධින් හා රටේ ජනතාවට ඇතිවී තිබෙන ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් රට වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + eight =