විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට

(කොළඹ, ලංකාපුවත්) –විපක්ෂ නායකත්වය ලෙස පිළිගන්නේ විපක්ෂයේ අසුන් ගෙන සිටින බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායකයා බව කථානායක කරු ජයසූරිය මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තමන් පිළිගන්නා බවට කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පිළිගන්නා බව කථානායකවරයා කියා සිටියේය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය නොමැති පිරිසක් පාර්ලිමේන්තුවේ රැදී සිටින බවයි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව සිටින මන්ත්‍රිවරුන්ගේ ධුරයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව මාසයක් ඉක්මවූ පසු අහෝසි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *