කාලගුණයේ වෙනසක් හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) –දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් හෙට (20) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තරමක ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව එම දෙපාර්තමේන්තුව අද (19) උදෑසන නිකුත්කළ කාලගුණ නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් නැගෙනහිර පළාතේ වෙරළ බඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *