මනෝ-රිෂාඩ්-මලික් ඇමැ­ති­ධුර එපා කියති

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙර­මුණු නව ආණ්ඩුවේ කැබි­නට් ඇමැති ධූර 30 කට සීමා වන බැවින් මනෝ ගනේ­ෂන් , රිෂාඩ් බද්දි­යු­දීන් සහ මලික් සම­ර­වි­ක්‍රම මහ­ත්ව­රුන් ඇමැති ධුර භාර නොගන්නා බවට ඊයේ(18) පැවැති එම පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රි කණ්ඩා­යම් රැස්වී­මේදි දැනුම් දී තිබේ.

අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදි මෙම රැස්විම පැවැ­ත්විණි.

ඇමැති ධුර සීමා සහිත වන බැවින් කැප­කි­රීම් කිරී­මට ඉදි­රි­පත් වන ලෙස අග­මැති වික්‍ර­ම­සිංහ මහතා ඉල්ලා සිටි අව­ස්ථා­වේදී එම මන්ත්‍රී­ව­රුන් මේ බව පවසා තිබේ.

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය දින­විම සඳහා පැවැති සට­නේදී සුළු පක්ෂ­වල නාය­ක­යින් විශාල කැප­වී­මක් සිදු කළ බවත් එබැ­වින් මනෝ ගනේ­ෂන් සහ රිෂාඩ් බද්දි­යු­දීන් මහ­ත්ව­රුන්ට ඇමති ධුර ලබා දිය යුතු බවත් එරාන් වික්‍ර­ම­රත්න මහතා මෙහිදි සඳ­හන් කැර තිබේ.

ආණ්ඩු­වට දැන­ට­මත් බහු­ත­ර­යක් තිබෙන බැවින් ශ්‍රි ලංකා නිද­හස් පක්ෂ­යෙන් ආණ්ඩු­වට එක් වූ මන්ත්‍රී­ව­රුන්ට ඇමැති ධුර ලබා දීමේ අව­ශ්‍ය­තා­ව­යක් නොමැති බව මෙහිදි අව­ධා­ර­ණය වූ බව පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ­යෙක් පැව­සිය.

ඇමැති ධුර හිමි විය යුත්තේ කාටද සහ එම ඇමැති ධුර කව­රේද යන්න පිළි­බඳ ඊයේ රාත්‍රිය වන විට අව­සන් තිර­ණ­ය­කට එළැ­ඹි­මට හැකි වනු ඇති බවත් ඒ අනුව අද බොහෝ දුරට නව කැබි­නට් මණ්ඩ­ල­යට දිවු­රුම් දිමට හැකි වනු ඇති බවත් එම ජ්‍යෙෂ්ඨයා දින­මි­ණට පැව­සිය. ඇමැති ධූර­යක් බලා­පො­රොත්තු නොවන බව ආණ්ඩු­වට ඊයේ එක් වූ විජිත් විජ­ය­මුණි ද සොයිසා මහතා පාර්ලි­මේ­න්තුව අම­ත­මින් ඊයේ පැව­සීය.

එක්සත් ජනතා සන්ධා­න­යට සිටින්නේ මන්ත්‍රී­ව­රුන් 96ක් බැවින් ජනතා විමුක්ති පෙර­මුණේ සහ­යෝ­ගය නැතත් දෙමළ ජාතික සන්ධා­නය පාර්ලි­මේ­න්තුව තුළ මධ්‍ය­ස්ථව සිටින තත්ත්ව­යක් යටතේ මන්ත්‍රී­ව­රුන් 106 ක් සිටින එක්සත් ජාතික පෙර­මු­ණට පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­යක් ඇති බවත් ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ තවත් මන්ත්‍රී­වරු පිරි­සක් ආණ්ඩු­වට එක් වන බව­ත්එම ජ්‍යෙෂ්ඨයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කෙළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 17 =