ශ්‍රී ලාංකිකයෙකුට පළමු වරට කොරියාවේ පුරවැසිභාවය

(කොළඹ, ලංකාපුවත්) –කොරියාවේ රැකියාවක නිරත ශ්‍රී ලාංකීය ශ්‍රමිකයෙකුට එරට පුරවැසිභාවය පිරිනැමේ.

විදෙස් ශ්‍රමිකයෙකු සඳහා එරට පුරවැසිභාවය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.‍ මෙලෙස කොරියාවේ පුරවැසිභාවය අද ප්‍රදානය කෙරුණේ, කැටබිල්ල කැටියේගෙදර නිමල්සිරි මහතාටයි.

කොරියාවේ කාන්තාවක ගින්නෙන් බේරා ගැනීමට ක්‍රියා කිරීම මීට පාදක වී තිබේ. නිමල්සිරි මහතා රැකියාව සඳහා කොරියාවට ගොස් ඇත්තේ 2013 වසරේදීය.

ගෝරෝ මියෝන් දිස්ත්‍රික්කයේ රැකියා ස්ථානය ආසන්නයේ ගිනි ගනිමින් තිබූ නිවසක කොටුවී සිටි 90 වියැති කාන්තාවක බේරා ගැනීමට ඉකුත් වසරේ දී ඔහු ක්‍රියා කළේය. එහිදී, ඔහු ද පිළිස්සුම් තුවාල ලැබීය.

මෙම ක්‍රියාව හේතුවෙන් නිමල්සිරි මහතාට එරට පුරවැසිභාවය ප්‍රදානය කිරීමට තීරණය කෙරුණේ, ඉකුත් දෙසැම්බර් මස 13 වැනි දිනයි. ඊට අදාළව පත් කෙරුණු කමිටුවේ ඒකමතික තීරණය ඊට හිමිවිය. 38 හැවිරිදි නිමල්සිරි මහතාට කොරියානු වොන් මිලියන 30ක් ද පිරිනමා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *