සීදූව සහ බෙලිඅත්ත ප්‍රදේශවල වෙඩි තැබීම්

(කොළඹ, ලංකාපුවත්) – සීදූව සහ බෙලිඅත්ත ප්‍රදේශවල වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එක් වෙඩි තැබීමක් සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සමාජශාලාවක් තුළ අද (19) අළුයම 2.30 – 3.00 අතර කාලයේ සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 34 හැවිරිදි සීදූව රද්දොළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාළ සමාජ ශාලාව තුලට පැමිණි පිරිසක් සහ එහි සේවකයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මේ අතර අනෙක් වෙඩි තැබීම බෙලිඅත්ත, ගැටමාන්න, කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රි 8.35ට පමණ සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

සිද්ධියෙන් තුවාල ලැබූ 24 හැවිරිදි බෙලිඅත්ත, මහහීල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් තංගල්ල මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =