මාලිංග කෝටි 4.5 කට විකිණෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසිය ජායිපූර් හිදී පැවැත්වුණි.

මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනු අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකය. ඒ අනූව ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනි.

ලසිත් මාලිංග මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට වන අතර ඊට කිසිවෙකුත් ලන්සු ඉදිරිපත් කිරීමක් සිදු කළේ නැත.

පසුගිය වසරේ IPL වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ IPL තරඟ බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *