ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය ජය පැරදුමෙන් තොරව නිමයි

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි.

අද (19) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙලෙස පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අත්හැර දැමුණි.

තරගයේ ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රිඩකයින් දැවී ලකුණූ 282ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලකුණූ 578ක් ලබා ගත්තේය.

ලකුණු 296ක් පිටුපසින් සිටිමින් තරගයේ දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවට පත්වන විට කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට සමත් වුණි.

එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණූ 120ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 141ක් ද ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *