අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම සඳහා සකස් කෙරෙන අතුරු සම්මත ගිණුම මෙම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

ලෝක ආර්ථික තත්ත්වය සහ ශ්‍රි ලංකාවේ ආර්ථික තත්ත්වය සළකා බලා දිය හැකි උපරිම සහනයන් ජනතාවට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

එසේම රජයේ අයවැය ලබන වසරේ පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පැවසීය. පසුගිය නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඇති වූ අර්බුදකාරි තත්ත්වය මත අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − two =