ඇමති සජිත්ගෙන් ලූෂන්ට තෑග්ගක්

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කායවර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනූ ලූෂන් පුෂ්පරාජ්ට නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය ප්‍රදානයක් සිදු කරයි.

ඒ අමාත්‍යවරයා අද(20) සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් ය.

මෙම මුදල් ඔහුගේ පුහුණුවීම් කටයුතු වල දී අවශ්‍ය කෙරෙන පෝෂණ වියදම් වෙනුවෙන් පිරිනැමන බව, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මීට පෙර නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදසා මහතා විසින් ලූෂන් පුෂ්පරාජ්ට නිවසක් ද පරිත්‍යාග කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − 1 =