ජනපති සහ අගමැති ජනපති ලේකම් කාර්යාලයට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

ඒ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක් වීම සදහාය.

එසේම මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

ඊයේ (19)සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්විය.

එහි දී නව කැබිනට් මණ්ඩලය උපරිම තිහේ සීමාවට යටත් විය යුතු බවත්, එම ප්‍රමාණයට වඩා කැබිනට් මණ්ඩලය වැඩි කරන්නේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත්, සාකච්ජා කෙරුණු බව, ආරංචි මාර්ග පවසයි. ඒ අනූව, අද දින එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 10 =