මහජනතාවට ඉදිරියේ දී සහන රැසක්- මුදල් ඇමති කියයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (20) දිවුරුම් දුන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල මේ දිනවල අඩුවෙමින් පවතින බැවින් මිල සූත්‍රය අනුව හෙට සිට තෙල් මිල යළි සමාලෝචනය කරන බව මුදල් අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ ය.

මිල සූත්‍රය දිගටම ක්‍රියත්මක වන බවත් අතුරු සම්මත ගිණුම හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මහජනතාවට සාධාරණත්වයෙන් යුතු සහන රැසක් ලබාදෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසී ය.

මින් ඉදිරියට ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ පහළ යන අන්දමට තෙල් මිල සංශෝධනය වනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 2 =