මහින්ද ශ්‍රීලනිප සාමාජිකයෙක් බව දැන්වීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බව සහතික කරමින් ලිපියක් අද (20) දින ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට බාරදෙන බව ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය දැරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවද එම ආරංචිමාර්ග අනාවරණය කරයි.

කතානායක කරු ජයසූරිය මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිටත් නිල වශයෙන් පිළිගෙන තිබේ. එහෙත් ටීඑන්ඒ සහ මුස්ලිම් කොංග්‍රසය එම තීරණය අභියෝගයට ලක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 18 =