විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අගයයි

(කොළඹ, ලංකාපුවත්) –විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ සමාජ, ආර්ථීක දියුණුවට විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කොට උරදුන් විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ව්‍යවසායකයන් ජාතික සම්මානයෙන් පුදනු ලැබීම උදෙසා ජාතික විද්‍යා පදනම මෙම සම්මාන උලෙළ වාර්ෂිකව සංවිධානය කරයි.

2016 සහ 2018 වසරවලට අදාළව සුදුසුකම් සැපිරූ සම්මානලාභීන් වෙත ජාතික සම්මාන සහ කුසලතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා විසින් සම්මාන උලළේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබීය.

ජාතික විද්‍යා පදනමේ ප්‍රධානී මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු මහත්මිය ඇතුථ සාමාජිකයන් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *