ශ්‍රී ලංකා රජය වටිනාහවුල්කරුවෙක් – අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය ඉතා වටිනා හවුල්කරුවෙක් බවත් ඉදිරියේ දීත් අඛණ්ඩව රජය සමඟ කටයුතු කරන බවත් අමෙරිකා එක්සත් ජනපදය සදහන් කරයි.

අමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති ඇලිනා බී ටෙප්ලිට්ස් මහත්මිය, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක රොබට් පල්ලඩිනෝ මහතාව උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ මේ බව ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ දෙරටේ ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් කලාපීය ගැටළු වෙනුවෙන් සහයෝගීව කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =