ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකා බලධාරින් සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ බිරිද වන ග්‍රේස් මුගාබේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.

දකුණු අප්‍රිකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ පසුගිය සතියේදී වරෙන්තු නිකුත් කළ බවයි.

ජාත්‍යන්තර පොලීසියේ සහායද මේ වන විට ඉල්ලා ඇති බව ඔහු සදහන් කළේය.

ග්‍රේස් මුගාබේ මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ 2017 වසරේදී දකුණු අප්‍රිකා නිරූපන ශිල්පිනියකු වූ ගේබ්‍රියෙල්ලා ඒන්ජල්ස්ට පහරදීමේ චෝදනාවටය.

ග්‍රේස් මුගාබේ විසින් 2017 වසරේ අගෝස්තු මස 13වනදා අදාළ නිරූපන ශිල්පිනියට පහර දී ඇයගේ නළල ද තුවාල කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *