ඔබාමා නත්තල් සීයා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන බරක් ඔබාමා වොෂින්ටනයේ ජාතික ළමා වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගී දරුවන් ගේ ” නත්තල් සීයා ” වූයේ මෙසේය.

ඔබාමා රෝගී දරුවන්ට මෙන්ම ඔවුන් මවිපියන්ට ද නත්තල් තෑගි බෙදා දුන් අතර ඔවුන් සමග බොහෝ වේලාවක් ගත කිරීමට ද අමතක නොකළේය.

කාමර වල, රෝගී ඇඳන්වල සිටි දරුවන් පමණක් නොව ‍එම වෛද්‍ය මධ්‍යස්ථානයේ කොරිඩෝවේ, බැල්කනියේ රැඳී සිටි දරුවන් පවා සොයා ඔබාමා නත්තල් සීයා ඇවිද ගියේය.

ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ සියළු දරුවන් මුණ ගැසුනා යැයි තහවුරු කර ගැනීමෙන් පසුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 2 =