ජන­වාරි සිට ග්‍රාම­ශ­ක්තියට අලුත් මුහු­ණු­ව­රක්

(කොළඹ, ලංකාපුවත්) – එළ­ඹෙන ජන­වාරි මාසයේ සිට නව මුහු­ණු­ව­ර­කින් යුතුව තව­දු­ර­ටත් ශක්ති­මත් ව්‍යාපා­ර­යක් වශ­යෙන් ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය ආරම්භ කරන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ජන­වාරි මාසයේ 23 – 30 සතිය ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රයේ ග්‍රාම­ශක්ති සති­යක් ලෙස ප්‍රකා­ශ­යට පත්ක­රන බව පව­සන ඒ මහතා ඒ සතියේ දී මේ සම්බ­න්ධ­යෙන් වඩාත් උන­න්දු­වක්, ආක­ර්ෂ­ණ­යක්, අව­ධා­න­යක් ඇති­කර මේ සඳහා මීට වඩා ජන­තා­වගේ පෙළ­ගැස්ම සහ ඔවුන් සහ­භාගි කරවා ගන්නා බවද ස්වශ­ක්තිය තුළ ගොඩ­නැ­ඟෙන්න රජ­යක් ලෙස කරන වැඩ­ස­ට­හන වඩාත් ශක්ති­මත් කරන්න අපේක්ෂා කරන බවද සඳ­හන් කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සද­හන් කළේ අනු­රා­ධ­පුර පළාත් සභා ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ (20) පැවැති දිළි­ඳු­කම පිටු­දැ­කීමේ ජාතික වැඩ­ස­ට­හන වන ‘ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රයේ’ උතුරු මැද පළාත් මෙහෙ­යුම් කමිටු රැස්වීම අම­ත­මිනි. සමෘ­ද්ධි­මත් මිනි­සෙකු මෙන්ම, වග­කීම් උසු­ලන, අයි­ති­වා­සි­කම් හඳු­නන සමා­ජ­යීය මිනි­සෙකු බිහි කිරීම අර­මුණු කර­ගත් ග්‍රාම­ශක්ති ජාතික වැඩ­ස­ට­හන මඟින් එළ­ඹෙන 2030 පමණ වන­විට ශ්‍රී ලංකාව දිලි­ඳු­ක­මින් තොර රටක් බවට පත්කි­රීම අර­මුණු කර­ගෙන තිබෙන අතර ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව පසු­ගිය 2017 වසරේ දී මේ වැඩ­ස­ට­හන ආරම්භ කෙරිණි.

දුගී දුප්පත් ජන­තාව එයින් මුදා ගනි­මින් ඇති හැකි පිරි­සක් බවට පත්කි­රීම සඳහා ග‍්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය ආර­ම්භ­කර තිබෙන අතර 2017 වසරේ රට දුගි­භා­ව­යෙන් නිද­හස් කර ගැනීමේ වැඩ­පි­ළි­වෙළේ ප‍්‍රධාන ව්‍යාපෘ­තිය ලෙස මෙය ආරම්භ කෙරිණි. ඒ අනුව වර්ෂ 2020 වන විට ගම් 15,000ක ජීව­ත්වන ජන­තා­වගේ මූලික අව­ශ්‍යතා සැපි­රී­මට කට­යුතු කෙරෙන අතර සමෘ­ද්ධි­මත් ආර්ථික මිනි­සෙකු මෙන්ම, වග­කීම් උසු­ලන, අයි­ති­වා­සි­කම් හඳු­නන සමා­ජ­යීය මිනි­සෙකු බිහි කිරීම ග‍්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රයේ අර­මුණ වී තිබේ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා පෙන්වා දුන්නේ 2018 වසර අව­සන් වෙන්න තව ඉති­රිව තිබෙන්නේ සති­යක් වැනි කෙටි කාල­සී­මා­වක් වුවද වර්ෂ අව­සා­නයේ රජයේ ආය­තන ගිණුම්, අය­වැය අව­සන් කරන අව­ස්ථා­වක් බවත් මේ සතිය තුළද ග්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­ර­යට හා අනෙ­කුත් ව්‍යාපෘති වෙනු­වෙන් වෙන්කර තිබෙන මුද­ල්ව­ලින් නිසි ප්‍රයෝ­ජන ලබා­ගෙන එම වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම සඳහා ප්‍රති­පා­දන යොදා ගන්නා ලෙස ආය­තන ප්‍රධා­නී­න්ගෙන් ඉල්ලී­මක් කරන බවත්ය.

මෙවැනි වැඩ­ස­ට­හන් වෙනු­වෙන් ලද කිසිඳු මුද­ලක් ප්‍රයෝ­ජ­න­යට නොගෙන ආපසු මහා භාණ්ඩා­ගා­ර­යට නොය­වී­මට කට­යුතු කර­න්නැයි සද­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා මේ සතිය තුළද ඒ වෙනු­වෙන් කළ­හැකි ව්‍යාපෘති, ආයෝ­ජන, සංව­ර්ධ­න­යට දෙන දාය­ක­ත්වය සහ ශක්තිය ඒ ජන­තා­වට ලබා­දීම ඉතාම වැද­ගත් වන බවද සඳ­හන් කළේය.

ජන­තා­වට ස්වාධී­නව නැගී සිටී­මට අවශ්‍ය විභ­වය හඳු­නා­ගෙන, ජන­තාව විධි­මත්ම සංවි­ධා­නය කොට ඉන් අන­තු­රුව, විශාල සමා­ගම් සමඟ සම සමව උරෙ­නුර ගැටී කට­යුතු කළ හැකි ක‍්‍රම­යක් මේ හරහා ඇති කෙරේ. දිළිඳු ජන සංඛ්‍යාව වැඩි වශ­යෙන් ජීව­ත්වන දිස්ත්‍රික්ක වෙත ප‍්‍රමු­ඛ­තා­වය ලබා­දෙ­මින් ග‍්‍රාම­ශක්ති ජනතා ව්‍යාපා­රය දීප ව්‍යාප්තව ක්‍රියා­වට නංවා තිබෙන අතර, ආර­ම්භයේ ගම් 1,000 ක් ආව­රණ කර­මින් 2020 වර්ෂය වන විට ගම් 5,000 ක් දක්වා ව්‍යාප්ත කිරීම සිදු වේ.

යෝගට් නිෂ්පා­දන යන්ත්‍ර­යක් මිලට ගැනීම සඳහා රුපි­යල් ලක්ෂ 20ක මුද­ලක් පරි­ත්‍යා­ගය කිරීම, අති­රේක සමා­ග­මක් ස්ථාපිත කිරීම සඳහා රුපි­යල් ලක්ෂ 10ක මුද­ලක් පිරි­නැ­මීම ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන් මහ­තාගේ සුර­තින් සිදු­කෙ­රුණු අතර නිෂ්පා­දන ගම්මා­න­වල නිෂ්පා­දන මිලදී ගැනීම සම්බ­න්ධ­යෙන් වන අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් කිරීම ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන් මහතා ඉදි­රියේ සිදු­විය.

උතුරු මැද පළාත් ආණ්ඩු­කාර රෙජි­නෝල්ඩ් කුරේ, කෘෂි­කර්ම ග්‍රාමීය ආර්ථික සංව­ර්ධන පශු සම්පත් සංව­ර්ධන සහ ධීවර ඇමැති පී.හැරි­සන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන එස්.එම් චන්ද්‍ර­සේන, තිස්ස කර­ලි­යද්ද, වීර­කු­මාර දිසා­නා­යක මහ­ත්වරු ඇතුළු විශාල පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *