(කොළඹ, ලංකාපුවත්) –මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (22) උදුවප් පෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතය.
පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ඓතිහාසික ශ්‍රි පාද රජමහා විහාරයේ ශ්‍රී සුමන සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩම කිරීමේ පෙරහැර හෙට(22) අළුයම යෙදෙන සුභ මොහොතින් ආරම්භ වේ.
හැටන්, කුරුවිට – පලාබද්දල සහ බලංගොඩ – බගවන්තලාව මාර්ග ඔස්සේ පෙරහැර තුනක් ගමන් කිරීමට නියමිතයෙ.
ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුවේ.
ශ්‍රී පාද පද්මය පිහිටුවා වසර 2600 ක් සපිරීම නිමිත්තෙන් මෙවර ශ්‍රී පාද මුළුවේ විශේෂ පිංකම් රැසක් ද සිදුකරන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් සදහන් කර සිටියහ.