(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණවලට යහපත් ප්‍රතිචාර දක්වන නව ලේකම්වරයෙකු පත්කර ගැනීමේ අයිතිය ජනාධිපතිවරයා සතුව පවතින බව ජිම් මැටිස් ඊයේ(20) යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපියේ සදහන්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිරියාවේ සිටින අමෙරිකා හමුදා සම්පූර්ණයෙන්ම ඉවත්කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට තමා දැඩි විරෝධය පළකළ බව ඔහු පවසා ඇත.
එය තම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව වූ බවද ජිම් මැටිස්ගේ ලිපියේ වැඩිදුරටත් සදහන්වේ. අමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බටහිර රටවල් කිහිපයක විරෝධය ද එල්ලවී තිබේ.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඉල්ලා අස්වී ඇති හෝ ධූරයෙන් පහ කරන ලද ජනාධිපති කාර්යය මණ්ඩල සේවක සංඛ්‍යාව 100කට ආසන්න වේ.