26වනදා විනාඩි දෙකක නිහඬතාවක් රකින්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා ලබන බදාදා(26) පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් සුරකින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.

2018 වර්ෂයේ ජාතික සුරක්ෂිතා දිනය වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කෙරේ.

එසේම මෙවර ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් 208.12.26 දින පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රක්න්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *