ඇමැතිකම් නොලැබුණත් ගැටලුවක් නෑ – මනුෂ නානායක්කාර

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බව ඔහු කියා සිටියේය.

ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *