ඉන්දුනීසියා සුනාමියෙන් මියගිය ගණන 222ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආසන්න වෙරළ කලාපයට බලපෑ සුනාමි තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 222ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තුවාල ලැබූ සංඛ්‍යාවද 843ක් බව විදෙස් වාර්තා සදහන් කරයි. එසේම ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් සඳහන් කර ඇත.

මෙම භූමිකම්පාව හටගෙන තිබුනේ එරට සුන්ද්‍රා සමුද්‍ර සන්ධියේ පිහිටි ක්‍රැකටෝවා ගිනිකන්ද ආශ්‍රිතවය. එමගින් ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබේ.

භූමිකම්පාව සිදුවන අවස්ථාව වනවිට ගිනිකන්ද ද සක්‍රීය වී තිබිණ. විශාල පිරිසක් එය නැරඹීමට වෙරළ ආශ්‍රිතව රැඳී සිටීම නිසා මියගිය පිරිස ඉහළ ගොස් ඇත. භූ විද්‍යාඥයින් පවසන්නේ භූමි කම්පාවට හේතුව බොහෝ විට ගිනිකන්දේ ක්‍රියාකාරීත්වය විය හැකි බවයි.

එසේම ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මෙමගින් විපතට පත් වූ පවුල්වෙත සිය ශෝකය පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *