උත්සව සමයේ ඔබගේ සෞඛ්‍ය රැක ගන්න

(කොළඹ, ලංකාපුවත්) –එක් වසරක් අවසන්ව අලුත් වසරක් උදා වන මෙම උත්සව සමයේ සියළු දෙනාම පවුලේ සාමාජිකයින්, යහළුමිත්‍රයන් සමග එක්ව විනෝදයෙන් ගත කරයි.

කොතරම් විනෝදවුවත් එය අපගේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන මට්ටමට පවත්වාගෙන යාමට අපි සැලකිලිමත් විය යුතු ය. උත්සව සිරියෙන් පිරුනු දෙසැම්බර් මාසයේ ආහාර පාන තෝරා ගැනීමේ දී සෞඛ්‍ය සම්පන්න තේරිමක් සිදු කිරීමට අපි උත්සහා කරමු.

ස්ථුලතාවය, මධු මේහය , හෘදයාබාධ සහ පිලිකා වැනි බෝනොව රෝග ඇතිවීම සහ එම රෝග නිසා සිදු වන මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ ද දිනෙන් දින වැඩි වේ. සෞඛ්‍ය සම්පන්න දෛනික රටාවක් සහ සියළුදෙනාටම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීම යන ඹභ තිරසාර සංවර්ධන අරමුණු 3 හරහා ද මෙම ගැටළුව විසදීම කෙරේ අවධානය යොමු කර ඇත.

සෞඛ්‍යමත් ආහාරපාන සහ ජීවන රටාව තිරසාර ප්‍රතිලාභ ලබා දෙන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යා යුතු අතර දිනකට දෙකකට සීමා වූවක් නොවිය යුතු ය.

මෙම උත්සව සමයේ අසිරිය විදින අතරතුර සෞඛ්‍යමත් ජීවන රාටාවක් අනුගමනය කිරීමට උපදෙස් කිහිපයක් පහත දැක් වේ.

දිනය පුරා ඔබ සාමාන්‍ය ආහාර වේල් (ප්‍රධාන ආහාර වේල් 3 සහ කෙටි කෑම 2) ලබා ගැනීම අතපසු නොකරන්න. මේදය, මස් සහ සීනි සහිත අතුරුපසවලින් පිරුනු ප්‍රමාණයෙන් වැඩි ආහාර වේල් දෙකකට සීමා කිරීමට වඩා මෙය සුදුසු ය.
සීනි ශරීරයට ලබා දෙන අතුරුපස සහ පැණිරස කෑමවලට අමතරව කෙදි සහිත පිෂ්ටය අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. (අතුරුපස සදහා පළතුරු එකතු කර ගන්න)
මද්‍යසාර කිසිදු පෝෂණයකින් තොර කැලරි විශාල ප්‍රමාණයක් ලබා දේ. ඔබ මද්‍යසාර ගන්නේ නම් අධිකව නොගන්න.
ඔබේ ආහාර වේල් සදහා එළවලු ලබා ගැනීමට උනන්දු වන්න. (සැලඞ්, සුප්, එළවලු කරි, කෝසස්)
මෙම කාලය මස් වැඩිපුර ආහාරයට ගන්නා කාලයක් බැවින් ගැඹුරු තෙලේ බැදගත් මස්වලට වඩා පිලිස්සු හෝ බේක් කළ මේදය රහිත මස් ආහාරයට එක් කර ගන්න.
සාදයන්ට සහභාගීවන අතරතුර යම් යම් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. (නැටුම්, ක්‍රීඩා)

ඩර්ඩන්ස් රෝහලේ ආහාර සහ පෝෂණ ඒකකය, බාහිර සහ අභ්‍යන්තර රෝගීන් සදහා ආහාරපාන සහ ජීවන රටා සම්බන්ධයෙන් උපදෙස්, රෝග සම්බන්ධ පෝෂණ උපදෙස්, ශරීරයේ බර පාලනය සදහා ආහාර පාලන උපදෙස් , රෝගීන්ට ගැලපෙන ආහාර සැලසුම් සහ නල හරහා ආහාර ලබා දීමේ දි පෝෂණ සහාය ලබා දේ.

වෙලාවක් වෙන් කරවා ගැනීම සදහා දුරකථන අංක 011 2 140 158 හරහා ඩර්ඩන්ස් රෝහලේ ආහාර සහ පෝෂණ ඒකකය අමතන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − four =