කතරගම බැතිමතුන්ගෙන් පිරී යයි

(කොළඹ, ලංකාපුවත්) –උඳුවප් පුර පෝය මුල්කරගෙන කතරගම පුදබිමට පසුගිය 22වනදා ලක්ෂ දෙක ඉක්ම වූ බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණි බව රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අතිවිශාල බැතිමතුන් මුල්කරගෙන පැමිණි රථවාහනවලින් කතරගම නගරයේ සියලුම රථ ගාල් පිරී පැවැති අතර තිස්සමහාරාමයේ සිට මාර්ග තුළ වාහන තදබදයක්ද පැවතියේය.

පැමිණි රථවාහන පාලනය කිරීම පිණිස කතරගම පොලිසිය විශේෂ පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා රථවාහන පාලනය කිරීමට පියවර ගනු ලැබීය.

කතරගම කිරිවෙහෙර, සෙල්ල කතරගම, තිස්සමහාරාමය, වැඩහිටිකන්ද, සිතුල්පව්ව හා යාල වන උද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණි ඇත.

ආර්ථික වශයෙන් පසු බැස සිටි කතරගම ජනයාගේ ආර්ථිකය ද මේ නිසා යහපත් වී ඇත.

මේ දිනවල පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් කතරගම මහා දේවාලය දිවා රාත්‍රී විවෘතව තැබීමට ක්‍රියාකැර ඇති බව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − one =