මගේ එකම අභිලාශය ජනතාවට සේවය කිරීමය – ඇමති රවී කරුණානායක

(කොළඹ, ලංකාපුවත්) –විදුලිබල අමාත්‍යාංශයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළ මේ අවස්ථාවේ දේශපාලඥයෙක් වශයෙන් මට බොහෝම පහසු ආකාරයෙන් විදුලි බිල පිළිබදව කතා කරන්න පුළුවන්. නමුත් මම මේ අවස්ථාවේ වගකීමක් ඇති අමාත්‍යාංශයක් තුළ පරිනත දේශපාලඥයෙක් වශයෙන් අමාත්‍යාංශ ලේකම්තුමා, ලංවිම ඉංජිනේරුවරුන් ඇතුළු වගකිව යුත්තන් සමග සාකච්ඡා කරලා, ජනතාවගේ අභිවෘද්ධියත් ආයතනයේ අභිවෘදධියත් පිළිබඳව කටයුතු කරනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ජාත්‍යන්තර හෝ විජාතිකව හෝ වෙනින් කුමන හෝ පැත්තකින් කිසිම කෙනෙකුට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ කියලා. මගේ එකම අභිලාශය ජනතාවට සේවය කිරීම මිස දේශපාලඥයින්ට හෝ වෙනත් පිටස්තර ලෝකයට උදව් කිරීම නොවෙයි යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ,පසුගිය 21වනදා පස්වරුවේ සිය නව අමාත්‍ය ධූරයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මෙම අවස්ථාවට මැති ඇමතිවරු, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැචිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

ප්‍රථමයෙන්ම අතිගරු ජනාධිපතිතුමටරත් අගමැතිතුමාටත් ස්තුතිය පුද කළ යුතුයි මට මෙම අවස්ථාව ලබාදීම පිළිබදව. මේ අවස්ථාවේදී මම ජනතාවට කියන්න කැමතියි, අප මේ අමාත්‍යාංශයේ තිඛෙන වැඩකටයුතු ජනතාවාදි ආකාරයට ඉටු කරන්නේ කොහොමද කියලා දැනගන්න අපට යම් කාලසීමාවක් දෙන්න කියලයි. ඒ අනුව අපි ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අද තියෙන්නේ, ජනතාව අමතකවෙලා, ප්‍රජාතන්ත්‍රවාදය යටත්වී තිඛෙන යුගයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදය යටපත්වී තිඛෙන දේට ජනතාව ඒකරාශී වෙලා අධිකරණයේ ස්වාධීනත්වය තුළින් ව්‍යවස්ථානුකූලව අපට ජයග්‍රහණයක් ලබාදිම පිළිබඳ ස්තුති කළ යුතුයි. අප ඒ අයට ණය ගැතියි. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සුරුකීම අපි සියළුදෙනාගේම රාජකාරියක් හැටියට මම සලකනවා. මේවා ඡන්ද කාලෙට කියන සටන් පාඨ නෙමෙයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් දූෂණය, අකාර්‍යක්ෂමතාව, ඉදිරිගමනක් නැතිව යන සියළුූ දේ පැත්තකට දාලා, අළුත් ආරම්භයක් කරන අවස්ථාවක් අද උදාවෙලා තිඛෙනවා. අපි අද මේ ආරම්භ කරන්නේ ජනතාව සමග යන ගමනක් මිසක්, ඔවුන්ගේ පස්සෙන් හෝ ඉස්සරහින් යන ගමනක් නෙමෙයි. අපි ඉතාමත් නම්‍යශීලීව, ජනතා හඩට ඇහුම්කන් දීලා, ජනතා අවශ්‍යතා ඉටුකරන එක අපි සතු කාර්යයක්. අතීතයේ සිදුවූ සියල්ල පැත්තකට දාලා, අපි සියළුම දෙනා ඒකරාශී වෙලා ජනතාව වෙනුවෙන් සිතිය යුතු අවස්ථාවක් මේක. ඒ නිසා පක්ෂයත්, ජනතාවත් ජයග්‍රහණය කිරීම උදෙසා අත්වැල් බැඳගෙන කටයුතු කරමු කියලා මම මේ අවස්ථාවේදී පක්ෂ භේදයකින් තොරව සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *