සේනා දළඹුවා මර්දනයට විශේෂ කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – සේනා දළඹුවා මර්දනයට මේ වනවිට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සඳහා ව්‍යාපෘති කිහිපයක් අත්හදා බලමින් සිටින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ ආර් සුබසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

සේනා දළඹු විශේෂය 2016 වසරේදී අපි‍්‍රකාවේ නයිජීරියාවෙන් සොයාගනු ලැබීය. එය මේ වනවිට රටවල් 44 කට ව්‍යාප්තවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී‍්‍ර ලංකාවේ මෙම දළඹු විශේෂ මුල්වරට අම්පාර ප‍්‍රදේශයෙන් වාර්තා විය. මේ වනවිට අනුරාධපුර, මොණරාගල, කුරුණෑගල ඇතුලු දිස්ති‍්‍රක් කිහිපයක එය ව්‍යාප්තව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

බඩඉරිගු, උක්, වී, රටකජු ඇතුලු බෝග වර්ග කිහිපයකට මෙම දළඹු විශේෂයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *