රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභාවය

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබේ.

කොරියා ටයිම්ස් වෙබ් අඩවිය මේ බව වාර්තා කර ඇත.

දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප මිත්‍ර සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කර ඇතැයි සදහන් වේ. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් මහතා විසිනි.

2016 වසරේදී දෙරට අතර එළඹි සහයෝගීතා ගිවිසුමක් අනුව නගර අතර ප‍්‍රතිපත්ති හුවමාරුව පුළුල් කර තිබේ. ඒ අනුව කොළඹ නගරයේ පළමු කාන්තා නගරාධිපතිනිය වීම හේතුවෙන් ඊට ගෞරවය පුද කිරීමක් ලෙස දකුණු කොරියාව ඇයට මෙම ගෞරව පුරවැසිභාවය පිරිනමා ඇති බව දැක්වේ.

1958 වසරේ සිට මෙලෙස සෝල් නගරයේ ගෞරවාන්විත පුරවැසිභාවය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *