අගමැති රනිල්, ඉන්දුනීසියානු ජනපතිට ශෝකය පල කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා වෙත ලිපියක් යවමින් පසුගිය සති අන්තයේ එරට සිදු වූ සුනාමි ව්‍යසනයෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත.

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආසන්න වෙරළ කලාපයට ඇති වූ සුනාමි තත්ත්වයත් සමඟ විශාල පිරිසක් පීඩාවට පත් වූහ. එහි දී මිය ගිය උදවියගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බව ද අගමැතිවරයා සදහන් කර තිබේ.

මෙම අවාසනාවන්ත ස්වාභාවික විපතින් පසු ඉන්දුනීසියාව නැවත යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාව ලබා දෙන බවත් ඉන්දුනීසියා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *