ඇමති කබීර් හෂීම්ට තෙල් සංස්ථාවෙන් උණුසුම් පිළිගැනීමක්

(කොළඹ, ලංකාපුවත්) – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලෙස පත් වූ කබීර් හෂිම් මහතා අද(27) දින දෙමටගොඩ පිහිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය වෙත ගොස් එහි කළමණාකාරිත්වය සමග ආයතන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත විය.

එම අවස්ථාවට සහභාගි වූ අමාත්‍යවරයා, ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කළමණාකාරීත්වය විසින්ද එම ආයතනයේ ජාතික සේවක සංගමයේ නිලධාරී මහතුන් විසින්ද උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතාද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *