ඉතිහාසයේ පළමු වරට නත්තල් සමයේ ගිණිකෙළි අනතුරු නැහැ

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ඉතිහාසයේ පළමු වරට 2018 නත්තල් සමයේ ගිණිකෙළි අනතුරු කිසිවක් වාර්තා නොවූ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා කියා සිටියාය.

2017 වසරට සාපේක්ෂව 2018 වසරේ බොහෝ අනතුරු වර්ග අඩුවීම හොද ප්‍රවනතාවයක් බවද ඇය පැවසුවාය.

2018 දෙසැම්බර් 24, 25 සහ 26 තෙදින තුළ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට වාර්ථා වූ සමස්ථ අනතුරු සංඛ්‍යාව 822කි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 03ක වැඩිවීමකි.

නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 289 ක් වන අතර එය සියයට 21ක අඩුවීමක් ලෙස දැක්වේ.

මීට අමතරව මහ මග අනතුරු 216ක් වාර්තා වී ඇති අතර එය ගිය වසරට වඩා සියයට 02ක අඩුවීමකි. නිවසේ අනතුරු 80ක් වාර්තා වී ඇති අතර සියයට 05කින් අඩුවී තිබේ. ‍‍‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *