ඉන්දියාවේ දිගම දුම්රිය හා මාර්ග පාලම විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ දිගම දුම්රිය හා මාර්ග පාලම ” බොගිබීල් පාලම ” එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අතල් බිහාරි වජ්පායි අගමැතිවරයාගේ ජන්ම දිනයේදී  විවෘත කරනු ලැබීය.

කිලෝ මීටර් 4.94 ක් දිග මෙම පාලම ඉදි කිරීම සඳහා ඇස්තමේන්තු ගත මුදල ඉන්දියානු රුපියල් බිලියන 59කි. ඇසෑම් හි බ්‍රාහ්මපුත්‍ර නදිය මතින් ඉදිවුණු මේ පාලම ආසියාවේ දෙවැනියට දිගින් වැඩිම දුම්රිය පාලම ද, ඇසෑම් හි ඩිබෘගා සහ අරුණාචල් ප්‍රදේශ් හි ඉතානගර් යා කරමින් බ්‍රහිමපුත්‍ර නදිය මතින් ඉදිවුණු හයවැනි පාලම ද මෙයයි.

එසේම මෙම පාලමේ විශේෂත්වය වන්නේ රිච්ටර් පරිමාපකයේ ඒකක 7ක භූකම්පනයක් වුවද දැරිය හැකි පරිදි සකස් කළ ලෝහ – කොන්ක්‍රීට් කණු සම්පූර්ණයෙන්ම ඉදි කර ඇති වීමයි.

මිලියන පහක පමණ ජනතාව මෙම පාලමෙන් පහසුකම් සැපයෙන බවත් යුද ටැංකි, ප්‍රහාරක ජෙට්යානා පවා ගොඩබැස්සවීමට තරම් හැකියාව ඇති පරිදි මෙම පාලම ඉදිකර ඇති බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *