ඩෙල් ස්ටේන්ගෙන් දකුණු අප්‍රිකාවේ පන්දු යැවීමේ වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් රැස්කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්වීමට ඩෙල් ස්ටේන් සමත්ව ඇත.

ඒ ඔහු ටෙස්ට් කඩුලු 422ක් ලබා ගනිමිනි.

වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් රැස්කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට මීට පෙර පත්ව සිටියේ හිටපු ක්‍රීඩක ෂෝන් පොලොක් වන අතර ටෙස්ට් කඩුලු 421ක් රැස්කර ගනිමින් ඔහු එම වාර්තාව තබා තිබුණි.

කඩුලු 421ක් ලබා ගනිමින් ෂෝන් පොලොක් හා සම තත්වයේ සිට පාකිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වූ ඩේල් ස්ටේන් එහිදී එක් කඩුල්ලක් ලබා ගනිමින් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් රැස්කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *