පහරදීමකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ජාඇල, දකුණු නිවන්දම ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(26) රාත්‍රී 07.00ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් අදාල පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අදාල පුද්ගලයා සිය නිවසේ සිටියදී අනෙක් පුද්ගලයා නිවසට පැමිණ තියුණු ආයුධයකින් පහරදී ඇතැයි සදහන් වේ.

මියගොස් ඇත්තේ නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව රාජකාරි කළ 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

ඝාතනය සිදු කළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *