උසස් පෙළ ප්‍රතිඵල 30 වනදාට පෙර

(කොළඹ, ලංකාපුවත්) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ මස 30වැනි දාට පෙර සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවෝ 321,469 දෙනෙක් පෙනී සිටියහ. මේ වසරේ විභාග කාලසටහන සමඟ ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා, එය කිසිසේත් ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් නොවන බවද අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමක දී විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසීය.

කෙසේ වුවත් අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සෑම වසරක ම දෙසැම්බර් 27 වැනිදා ද, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 වැනිදා ද, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දා ලබා දිය යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර උපදෙස් ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *