චීනයේ හිටපු නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ හිටපු නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මා ජියෑන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ.

අල්ලස් ලබාගැනීම, අයථා ව්‍යාපාර ගනුදෙනු ඇතුළු තවත් අපරාධ රැසකට ඔහු වරදකරු වී ඇති බව, එරට අධිකරණය කියා සිටී.

2015 වසරේ සිට මා ජියෑන් පිළිබඳ විමර්ශන කටයුතු පැවැත්වූ අතර 2016 වසරේදී ඔහු චීන කමියුනිස්ට් පක්‍ෂයෙන් ද ඉවත් කෙරිණ.

ඊයේ (27) දිනයේ දී මෙම දඩුවම නිකුත් කර ඇත. එසේම ඔහුට ඩොපර් මිලියන 7.26කට අධික මුදලක් දඩ වශයෙන් ගෙවීමට ද නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *