ලංගමට මේ වසරේ දී හයිබ්‍රිඩ් බස්රථ

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන තාක්ෂණයෙන් යුතු හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ මේ වසර අවසන් වීමට පෙර ධාවනය ට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අසෝක් අබේසිංහ මහතා පැවසීය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ දීය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා, නව රජය යටතේ කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලැස්ම 2019 වසරේ දින 300 කඩිනම් සංවර්ධන සංග්‍රාමය ලෙස හඳුන්වනවා. ලබන ජනවාරි 8වැනි දාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයන් හට නව සැලැස්ම ඉදිරිපත් කරනවා. මෙයින් ඉතා විශාල සංවර්ධනයක් ඇතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ඉදිරි වසර එක හමාරට සිය අමාත්‍යංශයේ කරගෙන ආ වැඩපිළිවෙළ කිසිදු වෙනසක් නොකර කරගෙන යන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *