කටුනායකදී හෂීස් තොගයක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) රාත්‍රීයේ දිවයිනට පැමිණි 30 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී එම ගමන් මල්ලේ පතුලේ සඟවා තිබූ මෙම හෂීස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 280ක් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය.

සැකකරු අද(31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිත ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eight =