ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට අයි.සී.සී යෙන් පුර්ණ කාලින කාර්යාලයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේ අද(31) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ෙම් බව පැවසීය.

පසුගිය 27 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා හා අයි.සී.සී දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා අතර පැවති සකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් පැවසීය.

තවද ක්‍රිඩාවේදී සිදුවන දූෂණ වංචා සහ අනෙකුත් කරණු පිළිබඳ දැනුම් දීම සඳහා 1978 නමින් හදිසි දුරකථන අංකයක් සහ සක්‍රීය වෙබ් පිටුවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 20 =