බංග්ලාදේශ මැතිවරණයෙන් හසීනා ජයගනී

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා ගේ අවාමි ලීගය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇතැයි එරට මැතිවරණ කොමිසම සදහන් කර ඇත.

ආසන 300 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 288 ක බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇත. මෙය හසීනා මහත්මිය බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට අඛණ්ඩව පත්වන 03 වන අවස්ථාව වීමද විශේෂත්වයකි.

වසර 17 ක් තිස්සේ අගමැතිනි ෂික් හසීනා බංග්ලාදේශය පාලනය කරනු ලබයි.

එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා කර සිටින්නේ මෙවර මැතිවරණයේ අක්‍රමිකතා රැසක් සිදුවූ බවයි.

නව මැතිවරණයක් පැවැත්විය යුතු බවට බංග්ලාදේශ විපක්ෂය කියා සිටී. පැවති මැතිවරණය ඉතා දූෂිත බව විපක්ෂ නායක කමල් හුසේන් පවසයි.

මැතිවරණය ඉතා දුෂිත බව ඔවුහු කියා සිටිති. ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල මැතිවරණය ආරම්භ වීමට පෙර ඡන්ද පෙට්ටි පුරවා තිබූ බවට, විපක්ෂය චෝදනා කරති. ස්වාධීන රජයක් යටතේ නව මැතිවරණයක් ඉතා ඉක්මනින් පැවැත්විය යුතු බවට විපක්ෂය කියා සිටී.

බංග්ලාදේශ මැතිවරණ කොමසාරිස් සඳහන් කරන්නේ මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ වාර්තා රැසක් ලැබුණු බවත්, ඒවා පිළිබඳ පරීක්ෂණ පවතවන බවත්ය. එසේම, ඊයේ ඇතිවූ ගැටුම්වලින් 17 දෙනෙක් මියගොස් ඇත. මැතිවරණ ක්‍රියාකාරීන් නිරීක්ෂණයන් සහ විපක්ෂය අවධාරණය කරන්නේ, මෙම මැතිවරණ සාධාරණ නොවන බවයි. නමුත්, පාලක අවාමි ලීගය පවසන්නේ එම චෝදනා අසත්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *