මැතිව්ස්ට විවේක කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –නවසීලනත්ය සමග ක්‍රයිස්චර්ච් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේදී කායික ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරඟාවලියට සහභාගි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔහු කියා සිටියේ මැතිව්ස්ට සති 4ක කාලයක් විවේක ගන්නා ලෙසට කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා දැනුම් දී ඇති බවයි.

මේ හේතුවෙන් ලබන වසරේ ජනවාරි 24 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ කිරීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියද මැතිව්ස්ට අහිමි වනු ඇති බව වාර්තා වේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය ලබන වසරේ ජනවාරි 03 වනදා ආරම්භ විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *