මුදල් අමාත්‍යාංශයේ ලේකම් රාජකාරි අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කෙරුණු ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අද (31) මුදල් අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේ ය.

ඒ මහතා මීට පෙර ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ආචාර්ය සමරතුංහ මහතා, රාජ්‍ය ආයතන රැසක පරිපාලන කටයුතු කළ අත්දැකීම් බහුල නිලධාරියෙකි.

මෙම අවස්ථාවට භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේසප්‍රිය මහත අතිරේක ලේකම් ආර් සේමසිංහ මහතා ඇතුළු භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *