119 දෙනෙකුගේ උසස් පෙළ ප‍්‍රතිඑල අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර ජෛවීය විද්‍යා විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිවුණේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කළණි සමුදා රාජපක්ෂ සිසුවියටයි. දෙවන ස්ථානය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයට සහ මාතලේ සහිරා විද්‍යාලයට හිමිවුණා.

භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පළමු ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසිනී විජේගුණවර්ධන ශිෂ්‍යාවට හිමිවුණා. දෙවන ස්ථානය හිමිවුණේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයටයි. තුන්වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයට හිමිව තිබෙනවා.

වානිජ විෂය ධාරාවෙන් පළමු ස්ථානයට පත්වුණේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉදුරංග වික‍්‍රමරත්න.දෙවන ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයටත් තුන්වන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයටත් හිමිවුණා.

කලා විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිව තිබෙන්නේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාධි දම්‍යා ද අල්විස් සිසුවියටයි. එම විෂය ධාරාව යටතේ දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයට හිමිවුණා.

තුන්වන ස්ථානය මහනුවර මහාමයා බාලිකා විද්‍යාලයට හිමිව තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිවුණේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්නට. දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් කොළඹ ආනන්ද විද්‍යාලයටත් නිකවැරටිය මහසෙන් ජාතික පාසලටත් හිමිවුණා.

නාරංදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සඳුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවියට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය හිමිව තිබෙනවා. එහි දෙවන සහ තුන්වන ස්ථාන සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට හිමිව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙවර විශ්වවිද්‍යාල ප‍්‍රවේෂය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ හැට හත්දහස් නවසිය හතක්. තුන් ලක්ෂ විසි එක්දහස් හාරසිය හැට නව දෙනෙකු විභාගය සඳහා පෙනීසිටියා. ඉන් 119 දෙනෙකුගේ ප‍්‍රතිඑල අත්හිටවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =