ජනතාවාදී අයවැයක් – යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

(කොළඹ, ලංකාපුවත්) –පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් – නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් 2019 වසර සඳහා වූ අයවැය සකස් කරලීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය පතා අද (02) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසීය.

නව වසරේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) රැස්වේ. දිළිඳුකමින් පීඩාවට පත්ව හැමදාම දුක්විඳිමින් සිටින ජනතාව ඉන් මුදාගෙන ආර්ථික හා සාමාජියික ලෙස බල ගැන්වීමට

මඟපාදන දේශීය නව නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙනයෑමට උරදෙන ජනතාවාදී යෝජනාවලින් මෙවර අය වැය සමත්විත කරලීම තම අරමුණ යැයි ද ඇමැතිවරයා විස්තර කෙළේය.

නව වසරේ පළමු වරට අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වන ඇමැති මණ්ඩලයට ජාතික අය වැය සකස් කිරීමට අනුමැතිය ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් , නව ඇමැති මණ්ඩලය පත්වීමද පූර්ණ වශයෙන් රැස්වන ඇමැති මණ්ඩලයට එය ගෙන ඒමට හැකිවීම වඩාත් සුදුසු අවස්ථාවක් බවත් ඇමැතිවරයා කීය.

දුප්පත්කමින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැපවන හා දිරිදෙන යෝජනා සමඟ ජනතා සහභාගීත්වයෙන් රටේ යටිතල පහසුකම් නංවන පුළුල් හා කඩිනම් වැඩපිළිවෙළක් මේ වසරේ ඇයවැයෙන් ගෙන එන බව ද ඇමතිවරයා කීය.

රජයේ නව අයැවැය මේ වසරේ පෙබරවාරි අග හෝ මාර්තු මුල ඉදිරිපත් කිරීමට හැකිවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *