එළිසබෙත් වොරන් අමෙරිකා ජනාධිපතිවරණයට

(කොළඹ, ලංකාපුවත්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභික එළිසබෙත් වොරන් 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.

2013 වසරේ සිට මැසචුසෙට්ස් ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනට් සභාව නියෝජනය කරන ඇය මේ වන විට 69 හැවිරිදි වියේ පසු වන්නීය.

එළිසබෙත් වොරන් වඩාත් ප්‍රකට වන්නේ එරට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කරන්නියක ලෙසිනි.

ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ඇය විසින් නිවේදනය කරනු ලැබ තිබෙන අතර එය ජනාධිපතිවරණයට මූල්‍ය ආධාර එකතු කිරීමට උපකාරී වනු ඇතැයි පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *