ජනාධිපති කාර්යාලයේ පැළ බෙදාදීමේ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයන්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පළතුරු පැළ ඛෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු වෙත සංකේතාත්මකව පැළ ලබාදෙන ලදී.

අනතුරුව ජනාධිපති ලේකම්තුමා අතින් සෙසු කාර්ය මණ්ඩලය වෙත පැළ ඛෙදා දීම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *